Pages

Saturday, July 16, 2016

පාරිභෝගික අධිකාරියේ සභාපති වෙළඳපොලට


පාලන මිල සහිත භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන ස්ථාන වැටලීම පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
සභාපතිවරයා සඳහන් කලේ තමාද ප්‍රමුඛ කණ්ඩායම් දිනය පුරා සියලු සුපිරි වෙළඳ සංකීර්ණ සහ මරදාන ප්‍රදේශයේ වෙළඳ සැල් පරීක්ෂා කිරීම් සිදුකල බවයි.

සියලු සුපිරි වෙළඳ සැල් අදාල පාලන මිලට භාණ්ඩ අළෙවි කරන බව තහවුරු වූ බව හසිත තිලකරත්න මහතාකියා සිටියා. කෙසේවෙතත් මරදාන  ප්‍රදේශයේ වෙළඳ සැල් රැසක වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ වෙළදුන් 6 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන තිඛෙනවා. ඉදිරියේදීත් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සියලු ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය කි්‍රයාමාර්ග ගන්නා බව අධිකාරිය අවධාරණය කලා.






No comments:

Post a Comment