Pages

Sunday, July 17, 2016

නාමල් එයි - බැසිල් යයි

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ඇප මත මුදා හැරුණා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කළ අවස්ාතවේදියි.

රුපියල් 50000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරිර ඇප 3 ක් මත ඔහු මුදා හැරිමටයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝගකලේ.

නාමල් රාජප්කෂ මහතාට විදෙස්ගතවිම තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිඛෙනවා.

නඩුව යළි ලබන මස 08 වනදා කැදවිමට නියමිතයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික සමාගමකට දැනුම්දී ඇති බවට මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.

ආර්ථීක සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින්  අත් අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදිම සදහා ඔහු මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණී අවස්ථාවේදියි.

ඔහු යටතේ ක්‍රියාත්මක වූ දිවිනැගුම වැඩසටහන යටතේ ඛෙදාහැරීමට ගැල්වනයිස් පයිප්ප මීලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අවභාවිතයක් සම්බන්ධවයි අද දිනයේදී ප්‍රකාශ ලබාගැනුනේ.

දිවි නැගුම දෙපාර්ථමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පරීක්ෂණය  ක්‍රියාත්මක වනවා.



No comments:

Post a Comment