Pages

Friday, July 15, 2016

නීස් නගරයටත් අයි එස් ?? අයි එස් වනසන්න ප්‍රංශ ජනපති සීරුවෙන්


ප්‍රංශයේ ජාතික දිනය සැමරීමට ප්‍රංශයේ නීස් නගරයට රැස්වූ පිරිසක් ඉලක්ක කර ගනිමිනුයි මෙම  ත්‍රස්ත  ප්‍රහාරය එල්ල වුනේ. පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරියක් උත්සව භූමියට කඩා වැදීමෙන් අනතුරුව ජනතාව ඉලක්ක කර පුපුරවා හැර ඇති බවයි ප්‍රංශය කියා සිටියේ.

ලොරිය ධාවනය කරවා ඇත්තේ 31 හැවිරිදි ටියුනීසියා සම්භවයක් සහිත පුද්ගලයකු බව හෙළිවී තිඛෙනවා. ඔහු සතුව තිබී ප්‍රංශ පුරවැසිභාවය හිමි හැදුනුම්පතද සොයාගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වුණා.

http://www.bbc.com/news/live/world-europe-36799172

එම ලොරියේ තිබී අත්බෝම්බ සහ අවි ආයුධ තොගයක්ද හමුවී තිඛෙනවා. මෙම ප්‍රහාරයෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 84 ක්. කුඩා ළමුන්ද ඒ අතර වනවා. තුවාල ලැබූවන්ගෙන් 18 දෙනෙකුගේ තත්වය ඉතා බරපතල බවයි ප්‍රංශ බලධාරීන් සඳහන් කලේ.

ලබන 26 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ හදීසි තත්වය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කර තිඛෙනවා. පසුගිය වසරේදී පැරිස් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි එරටට හදීසි තත්වයක් ප්‍රකාශයට පත්කෙරුණේ.

මේ අතර සමස්ත ප්‍රංශයම ඉස්ලාමීය ත්‍රස්තවාදයෙන් යටවී ඇතැයි ජනාධිපති ෆ්‍රන්සුවා හොලෝන්ද් මහතා පවසනවා. එම තර්ජනයට මුහුණදීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ජාතිය අමතමින් ඔහු කියා සිටියේ. ප්‍රංශ ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ගේ හදීසි සාකච්ඡාවක්ද කැඳවා තිඛෙනවා.

පසුගිය වසරේදීද පැරිස් අගනුවරට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

 ප්‍රවෘත්ති අනුග්‍රහය - රංගන ප්‍රනාන්දු

No comments:

Post a Comment