Pages

Saturday, July 16, 2016

ලංකාවේ ගුවන් යානා ඉන්ධන හිගයක් ?



ගුවන් යානා ඉන්ධන නෞකාවක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදුවූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ නිසි ප්‍රමිතියට අනුකුල නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ තුළින් කිසිදු ගුවන් යානා ඉන්ධන හිගයක් ඇති නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

අවස්ථා 3 කදී කල පරීක්ෂා වලදී එය තහවුරු වූ බවයි චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කලේ.

කුටි 7 ක ගබඩා කර තිබූ තෙල් වලින් එක් කුටියක හෝ තෙල් භාතිවයට සුදුසුදැයි පරීක්ෂා කලද කිසිදු කුටියක තෙල් පරීක්ෂාවට සුදුසු නැතැයි තහවුරු වූ බවද වීරක්කොඩි මහතා සඳහන් කලා.

ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා ඇති බැවින් මෙම තත්වය තුළ ගුවන් යානා ඉන්ධන හිගයක් කිසිදු අයුරකින් රට තුල ඇති නොවන බවද චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියා.


No comments:

Post a Comment