Pages

Wednesday, February 23, 2011

පුවත්; කෑගලල රුවන්වැල්ල ප්‍රදේශයට අයත් ගල්ගේදියාව  ගම්මානයේ කසල බඳුනක තිබී බිලිඳු කලලයක් හමුවී තිබෙනවා.ඊයේ දින උදැසන නගර සභාවේ සේවකයන් විසින් මෙම කළලය සොයාගනු ලැබුවා.රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය එම කළලය ගල්ගෙඩියව ගමේ තිබී හමු ඌ බව අප සමග පවසා සිටියා.
         රුවන්වැල්ල පොලීසියේ පොලිස් පරීක්ෂක නිහාල් කාරියවසම් මහතා එම කළලය මාස හතරක් වන ගබ්සා කල එකක් බව අධිකරණ වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බවයි සදහන් කලේ.අපරාදයට සම්බන්ද පුද්ගලයන් අත්තඩගුවට ගැනීමට මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව එතුමා වැඩි දුරටත් පැවසුවා .....