Pages

Saturday, December 3, 2016

ජාතික රෝහලේ හෘදය සැත්කම් වලින් 4 ක් මියගියේ මෙහෙමයි


කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම් වලට ලක්කල රෝගීන් 4 දෙනෙකු මියයාමට හේතුව Non Ionic contrast media for cardio angiography for adult  – 100 ml ඩයි වර්ගයේ ආසාත්මිකතාවක් බව අනාවරන වී තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පත්කල කමිටුව මගින් ලබාදුන් වාර්තාවෙනුයි මෙම තොරතුරු අනාවරන වී ඇත්තේ.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල වෙත ලැබුනේ ඊයේ පස්වරුවේයි. එම ඩයි වර්ගය තවදුරටත් ඉවත්කර තැබීමටයි කමිටුව දැනුම් දුන්නේ. අදාල ඩයි වර්ගය තවදුරටත් ජාතික ඖෂධ අධිකාරිය හරහා පරීක්ෂා කරවීමටද කමිටුව මගින් නිර්දේශ කෙරුනා.මෙවැනි සිදුවීමක් වාර්තාවුවහොත් එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දෙන්නැයිද හෘද රෝග ඒකකයේ අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් දැනුවත් කිරීමටද කමිටුව නිර්දේශ කර තිඛෙනවා.

http://www.live360.lk/2016/12/03/5598/



Thursday, July 21, 2016

අනෙක් කන්ටේනර් දෙකනම් හිස්ලු


පෑලියගොඩ බහාලුම් පර්යන්තයේ තිබී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 274  ගෙන්වීමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

මෙතෙක් මෙරටදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කොකේන් තොගය බ්‍රසීලයේ සිට ආනයනය කල සීනි කන්ටේනරයක සගවා තිබියදීයි ඊයේ පස්වරුවේ මෙම කොකේන් තොගය සොයාගනු ලැබුවේ.          

පසුගිය මාසයේදීද රේගුව විසින් මහාපාරිමාණ කොකේන් වැටලීමක් සිදුකරනු ලැබුවා. අතර එහිදී කොකේන් කිලෝ 91 ක් අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්වුණා.

ඒ ආකාරයෙන් ගෙන්වා තිබූ දෙවන කොකේන් කන්ටේනරය මෙය වනවා.

මේ සමග තවත් සැක සහිත කන්ටේනර් දෙකක් ඊයේ දිනයේදී පොලීසිය විසින් පරීක්ෂා කරනු ලැබුවා.

එහෙත් ඒවායේ කිසිදු සැක සහිත ද්‍රව්‍යක් නොතිබී බවයි පොලීසිය සඳහන් කලේ.

මත් උවදුර රටින් තුරන් කිරීමේ අරමුනෙන් විශේෂ සංවිධානත්මක වැඩපිළිවෙලක් යටතේ මෙම වැටලීම් සිදුවනවා.



සම්මුතිවාදී දීගයට තවත් දිගුවක්


එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්මුති ආණ්ඩු ගිවිසුම වසර 5ක් දක්වා දීර්ඝ කෙරුණා. 

පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව දෙවසරක් සදහායි පක්ෂ දෙක මෙම ගිවිසුමට එළඹුණේ. 

පක්ෂ දෙකේ අවබෝධය මත  මෙසේ ගිවිසුම දීර්ඝ කරන බව නිදහස් පක්ෂ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ  එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලා. 

ඇතැම් තීන්දු තීරණ ගැන පක්ෂ දෙකේ විවිධ මතවාද පළවුවද ඒවා සමතයකට පත්වන බවයි අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ. 

සම්මුතිවාදී රජය යනු යෝජනාවකින් සිදුවූ විවාහයක් වැනියැයිද ඔවුන් ප්‍රකාශ කලා.  


තවත් කොකේන් කිලෝ 274 ක් අල්ලයි / පොලීසිය තවත් කන්ටේනරයක් පීරයි


පෑලියගොඩ බහාලුම් අංගනයේ කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 274 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ලැබුණු තොරතුරකට අනූව කල පරීක්ෂාවකදී මෙම කොකේන් තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කලේ.
බ්‍රසීලයේ සිට පෘතුගාලය මෙම කන්ටේනර් ගෙන්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

තොරතුරු ලැබුණු අනෙක් කන්ටේනරයද පරීක්ෂා කිරීම ආරම්භ කරන බවද පොලීසිය ප්‍රකාශ කලා.  

Tuesday, July 19, 2016

හිටපු ඇමති බැසිල්ට එරෙහි බී වාර්තාව


කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ නියෝගයකට අනූව හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අගෝස්තු පළමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ දිවිනැගුම අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන්.

 පසුගිය රජය සමයේ සිදුවූ බව කියන අක්‍රමිකතා වලට අදාලව තුන්වන වතාවටයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.

දිවිනැගුම දෙපාර්ථමේන්තුවේ රුපියල් මිලියන 36 යි දසම 5 ක් ජනාධිපතිවරණයේදී මැතිවරණ කි්‍රයාවලියට යෙදවීමේ අරමුණෙන් පළාත් පාලන ආයතනවලට ඛෙදාදීමට දිවි නැගුම දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකටද එරෙහිව පැමිණිලි පොලීසිය අධිකරණයට දන්වා තිඛෙනවා.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහි දිවිනැගුම අරමුදල් වංචා කිරීමට චෝදනා එල්ල වූ බී වාර්තාව.





Monday, July 18, 2016

දහසය කෝටියක නීති විරෝධී විදෙස් මුදල් රේගුවේදී හිරවෙයි.


රුපියල් දහසය කෝටි හැට ලක්ෂයක විදෙස් මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කල කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අද අලුයම කටාර් හරහා ඩුබායි බලා යාමට ඔවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි රේගුව සඳහන් කලේ.

ලද තොරතුරකට අනූව සිදුකල වැටලීමකදීයි මෙම මුදල් තොගය සොයාගෙන ඇත්තේ. ඔවුන් තම ගමන් මලුතුළ ව්‍යාජ පතුල්වල සගවා මෙම  මුදල් රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කලේ. පරාක්‍රම බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.


මෙම මුදල් රැගෙන යාම කලක සිට නැවතී තිබූ බවයි පරාක්‍රම බස්නායක මහතා සඳහන් කලේ.මේ හේතුවෙන් එකවර මුදල් රැගෙන යාමට උත්සාහ දරන බවට රේගුව සැකපළකරනවා.

දේශ ද්රෝහීන්ට තුර්කිය කියාදුන් පාඩම

අසාර්ථක වූ තුර්කි හමුදා කුමන්ත්‍රණයට උරදුන් සියලු නිළධාරීන්ට එරෙහි විනය  කි්‍රයාමාර්ග ගැනීම තුර්කි රජය මේ වන විට ආරම්භ කර තිඛෙනවා. ඒ අනූව ඊයේ වන විට පොලිස් නිලධාරීන් 8000 ක් සේවයෙන් පහකර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කලේ. බී බී සී පුවත් සේවය වාර්තා කලේ හමුදා සාමාජිකයින් 6000 ක් සහ  විනිසුරු වරුන් 3000 ක පමණ පිරිසක්ද මේ වන විට නීතිමය පියවර ගැනීම සඳහා යොමුකර ඇති බවයි. පසුගිය සෙනසුරාදා ඇතිවූ මෙම හමුදා කුමන්ත්‍රණය අතරතුර හටගත් ගැටුම්වලින් 208 දෙනෙකු මරණයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 1500 කට ආසන්නයි. කිසිදු කුමන්ත්‍රණකරුවකුට සමාව ලබානොදෙන බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිඛෙනවා.

ඇතැම් වැරදිකරුවන්ට අනුබල දෙන රටවල් සමග ගත්කල නීතිය කි්‍රයාත්මක කිරීමේදී තුර්කිය ගෙන ඇති පියවර පැසසුමට ලක්විය යුතුය යන්න නීති විශාරදයින්ගේ අදහසයි.


මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව දඩුවම් ලබාදෙන බව කුමන්ත්‍රණය අතරතුර රූපවාහිනිය ඇමතු තුර්කි ජනාධිපති රෙසප් ටයිප් අඩොවාන් මහතා ප්‍රකාශ කලා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කලේ තුර්කි යුධ හමුදාවෙන් රාජ ද්‍රෝහීන් ඉවත් කිරීමේ කාලය එළැඹ ඇති බවයි.

තුර්කි යුධ හමුදාවේ කණ්ඩායමක් හමුදා කුමන්ත්‍රණයක් මගින් පසුගිය සෙනසුරාදා එරට පාලන බලය ඔවුන් යටතට ගැනීමට තැත් කිරීම හේතුවෙන් අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර දැඩි නොසන්සුන් වාතාවරණයක් හටගෙන තිබුණා.

එහිදී බළධාරීන් පියවර ගෙන තිබුණේ රටේ ඇඳිරි නීතිය සහ මාර්ෂල් නීතිය ද පැනවීමටයි. අන්කාරා අගනුවර මර්මස්ථාන රැසකට සෙබලුන් දහස් සංඛ්‍යාත පිරිසක් එහිදී යොදවනු ලැබුවා.


මෙම සිදුවීම ලෝක නායකයින් රැසකගේද විවේචනයට ලක්වූණා. කෙසේවෙතත් දේශද්‍රෝහීන්ට දඩුවම් දෙන අයුරු තුර්කියෙන් හෝ ඇසීමට ලැබීම අගය කල යුතුයි.


ජාතිවාදයට එරෙහිව ජනපති අරගලයක


අලුත් බලවේග නිර්මාණය කරමින් රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට කිසිවෙකුට අවස්ථාව ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද කිලිනොච්චියේදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයේදී තමන් ලබාදුන් පොරොන්දු නිසි ආකාරයෙන්ම ඉටු කරන බවයි. පසුගිය සෙනසුරාදා දිනයේ යාපනය සරසවියේ හටගත් ගැටුම  වැනි තත්ත්වයන් යළි ඇති නොවිය යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.









සීනි කිලෝවටම ශත 25 යි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ පහත දැමීමට රජය තීරණය කර තිඛෙනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කලේ මෙතෙක් ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 30 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ මේ අනූව ශත 25 දක්වා පහත දැමෙන බවයි.

ඒ අනූව අදාල බද්ධ රුපියල් 29 යි ශත 75 කින් පහත යනු ඇති. සීනි සඳහා උපරිම මිලක් පැනවීමේදී මතුවූ අර්බුධකාරී තත්වය සමනය කිරීම මෙහි අපේක්ෂාවයි.


Sunday, July 17, 2016

නාමල් එයි - බැසිල් යයි

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ඇප මත මුදා හැරුණා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කළ අවස්ාතවේදියි.

රුපියල් 50000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරිර ඇප 3 ක් මත ඔහු මුදා හැරිමටයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝගකලේ.

නාමල් රාජප්කෂ මහතාට විදෙස්ගතවිම තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිඛෙනවා.

නඩුව යළි ලබන මස 08 වනදා කැදවිමට නියමිතයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික සමාගමකට දැනුම්දී ඇති බවට මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.

ආර්ථීක සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින්  අත් අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදිම සදහා ඔහු මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණී අවස්ථාවේදියි.

ඔහු යටතේ ක්‍රියාත්මක වූ දිවිනැගුම වැඩසටහන යටතේ ඛෙදාහැරීමට ගැල්වනයිස් පයිප්ප මීලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අවභාවිතයක් සම්බන්ධවයි අද දිනයේදී ප්‍රකාශ ලබාගැනුනේ.

දිවි නැගුම දෙපාර්ථමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පරීක්ෂණය  ක්‍රියාත්මක වනවා.



උදයංග වීරතුංගට වරෙන්තු ?

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට අදාල ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කිරීම සම්බන්ධ තීන්දුව අද ප්‍රකාශයට පත්කෙරෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවය අද මෙම නියෝ්ගය ප්‍රකාශයට පත්කෙරෙන්නේ.

පසුගිය රජය සමයේ ගුවන් හමුදාවට මිග් යානා 4ක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළව උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ලවී තිඛෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පෙනී සිටින ලෙස අධිකරණය හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය නොතීසි නිකුත් කෙරුණද වීරතුංග මහතා මෙතෙක් දිවයිනෙන් බැහැරවයි සිටින්නේ.


Saturday, July 16, 2016

ලංකාවේ ගුවන් යානා ඉන්ධන හිගයක් ?



ගුවන් යානා ඉන්ධන නෞකාවක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදුවූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ නිසි ප්‍රමිතියට අනුකුල නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ තුළින් කිසිදු ගුවන් යානා ඉන්ධන හිගයක් ඇති නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

අවස්ථා 3 කදී කල පරීක්ෂා වලදී එය තහවුරු වූ බවයි චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කලේ.

කුටි 7 ක ගබඩා කර තිබූ තෙල් වලින් එක් කුටියක හෝ තෙල් භාතිවයට සුදුසුදැයි පරීක්ෂා කලද කිසිදු කුටියක තෙල් පරීක්ෂාවට සුදුසු නැතැයි තහවුරු වූ බවද වීරක්කොඩි මහතා සඳහන් කලා.

ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා ඇති බැවින් මෙම තත්වය තුළ ගුවන් යානා ඉන්ධන හිගයක් කිසිදු අයුරකින් රට තුල ඇති නොවන බවද චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියා.


පාරිභෝගික අධිකාරියේ සභාපති වෙළඳපොලට


පාලන මිල සහිත භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන ස්ථාන වැටලීම පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
සභාපතිවරයා සඳහන් කලේ තමාද ප්‍රමුඛ කණ්ඩායම් දිනය පුරා සියලු සුපිරි වෙළඳ සංකීර්ණ සහ මරදාන ප්‍රදේශයේ වෙළඳ සැල් පරීක්ෂා කිරීම් සිදුකල බවයි.

සියලු සුපිරි වෙළඳ සැල් අදාල පාලන මිලට භාණ්ඩ අළෙවි කරන බව තහවුරු වූ බව හසිත තිලකරත්න මහතාකියා සිටියා. කෙසේවෙතත් මරදාන  ප්‍රදේශයේ වෙළඳ සැල් රැසක වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ වෙළදුන් 6 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන තිඛෙනවා. ඉදිරියේදීත් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සියලු ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය කි්‍රයාමාර්ග ගන්නා බව අධිකාරිය අවධාරණය කලා.






ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ තවත් සැකකරුවකු අත්අඩංගුවට


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතණය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙක්  අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති  ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සැකකරු යුධ හමුදා සෙබලෙකු බවයි.

ඊයේ පස්වරුවේ ගල්කිස්ස ප්‍රදේශයේදී රහස් පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු අද හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය සදහන් කලා.




තුර්කිය හමුදා කුමන්ත්‍රණය පරදයි



හමුදා කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පාළනය කල බව තුර්කි රජය පවසනවා.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපති රෙසප් ටයිප් අඩොවාන් මහතා සදහන් කලේ රජයට එරෙහි වූ සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දෙන බවයි.

තුර්කි යුධ හමුදාවේ කණ්ඩායමක් හමුදා කුමන්ත්‍රණයක් මගින් එරට පාලන බලය ඔවුන් යටතට ගැනීමට තැත් කිරීම හේතුවෙන් අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර දැඩි නොසන්සුන් වාතාවරණයක් හටගෙන තිබුණා.

ඔවුන් ඇඳිරි නීතිය සහ මාර්ෂල් නීතිය ද පනවා තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අන්කාරා අගනුවර මර්මස්ථාන රැසකට සෙබලුන් දහස් සංඛ්‍යාත පිරිසක් යොදවා තිබූ අතර සාම මණ්ඩලය ලෙස හඳුන්වාගත් කණ්ඩායමක් පාලනය බලය ගෙන යන බවයි ඔවුන් සඳහන් කර තිබුණේ.

තුර්කි යුධ හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කුමන්ත්‍රණකරුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හමුදා මාණ්ඩලික ප්‍රධානියාද ඒ අතර වුණා.

අදාළ හමුදා කණ්ඩායම විසින් තුර්කි පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර 2 ක් ද එල්ල කරනු ලැබුවා.

කෙසේවෙතත් තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් අඩොවාන් මහතා ඉස්තාන්බුල් ගුවන් තොටුපලේ සිට මාධ්‍ය අමතමින් අවධාරණය කලේ හමුදා කුමන්ත්‍රණය මුලුමනින්ම ව්‍යර්ථ කල බවයි.

තුර්කිය තුල නීතිය හා සාමය උපරිමයෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ද කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස්වලට දැඩි දඩුවම් ලබාදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

තුර්කි යුධ හමුදාවෙන් රාජ ද්‍රෝහීන් ඉවත් කිරීමේ කාලය එළැඹ ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

මේ අතර හමුදා කුමන්ත්‍රණය හමුවේ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තුර්කි වාර්තා පවසනවා. ඉන් බහුතරය සිවිල් වැසියන් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.


කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳ දැනගත් වහා සිවිල් වැසියන් අති විශාල ජනකායක් අන්කාරා සහ ඉස්තාන්බුල් නගර වෙත ඒකරාශී වී තිබුණා.

ඔවුන් පාලනයට හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස් වෙඩි තැබිම හේතුවෙනුයි මෙලෙස සැලකිය යුතු පිරිසක් මියගොස් ඇත්තේ. කුමන්ත්‍රණකරුවන් විසින් තුර්කි පාර්ලිමේන්තුවට එල්ල කල බෝම්බ    ප්‍රහාරයකින් 12 දෙනෙකුද හෙලිකොප්ටරයක් මගින් විශේෂ බලකා මූලස්ථානයට එල්ල කල     ප්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 17 දෙනෙකුද මියගොස් තිබුණා.

මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට හමුදා සෙබලුන් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එමෙන්ම තවත් විශාල පිරිසක් රජයට භාර වී ඇති බව ද තුර්කි වාර්තාවල දැක්වෙනවා. මේ අතර කුමන්ත්‍රණකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් හුලුසි අකාර් ඉන් මුදා ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්වූ බවයි නවතම වාර්තාවක දැක්වුණේ. එමෙන්ම හමුදා කුමන්ත්‍රණය පාලනය කල බව තුර්කි රජය ප්‍රකාශ කලද තවමත් වෙඩි හඩ ඇසෙමින් ඇතැයිද බී බී සී ය වාර්තා කරනවා.

මේ අතර ජගත් මහ ලේකම් බැංකි මූන් / අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව රැසක් තුර්කිය තුල සිදුවූ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කණස්සල්ල පල කර තිඛෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ කිසිදු ක්‍රියාවකින් සිවිල් වැසියන්ට හානියක් සිදු නොවිය යුතු බවයි.       ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බලයට පත්වූ රජයට සිය සහයෝගය හිමිවන බවයි එමගින් වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

මේ අතර හමුදා කුමන්ත්‍රණය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් මේ වනවිට යලි ආරම්භ වී තිඛෙනවා.

එමෙන්ම තුර්කි ජනාධිපතිවරයාට සහය පලකරමින් අතිවිශාල ජනකායක් ගුවන් තොටුපලට රැස්ව සිටින බවද සඳහන්.








Friday, July 15, 2016

ලංකාවට එන්නේ කොත්තමල්ලි රොඩ්ඩ


ආනයනික කොත්තමල්ලි සඳහා ප්‍රමිති නිර්ණායක හදුන්වාදීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිඛෙනවා. අධිකාරිය සඳහන් කලේ ආනයනික කොත්තමල්ලි මුලුමනින්ම ප්‍රමිතියෙන් තොර බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බවයි. ශ්‍රී ලංකාවට ගෙන්වන කොත්තමල්ලි තොග වලින් බහුතරය සාරය ඉවත්කල කොත්තමල්ලි බව අධිකාරිය කියා සිටියා. එබැවින් වෙළඳපොලට නිකුත් කෙරෙන සියලු කොත්තමල්ලි තොග දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට නියමිතයි.




නීස් නගරයටත් අයි එස් ?? අයි එස් වනසන්න ප්‍රංශ ජනපති සීරුවෙන්


ප්‍රංශයේ ජාතික දිනය සැමරීමට ප්‍රංශයේ නීස් නගරයට රැස්වූ පිරිසක් ඉලක්ක කර ගනිමිනුයි මෙම  ත්‍රස්ත  ප්‍රහාරය එල්ල වුනේ. පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරියක් උත්සව භූමියට කඩා වැදීමෙන් අනතුරුව ජනතාව ඉලක්ක කර පුපුරවා හැර ඇති බවයි ප්‍රංශය කියා සිටියේ.

ලොරිය ධාවනය කරවා ඇත්තේ 31 හැවිරිදි ටියුනීසියා සම්භවයක් සහිත පුද්ගලයකු බව හෙළිවී තිඛෙනවා. ඔහු සතුව තිබී ප්‍රංශ පුරවැසිභාවය හිමි හැදුනුම්පතද සොයාගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වුණා.

http://www.bbc.com/news/live/world-europe-36799172

එම ලොරියේ තිබී අත්බෝම්බ සහ අවි ආයුධ තොගයක්ද හමුවී තිඛෙනවා. මෙම ප්‍රහාරයෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 84 ක්. කුඩා ළමුන්ද ඒ අතර වනවා. තුවාල ලැබූවන්ගෙන් 18 දෙනෙකුගේ තත්වය ඉතා බරපතල බවයි ප්‍රංශ බලධාරීන් සඳහන් කලේ.

ලබන 26 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ හදීසි තත්වය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කර තිඛෙනවා. පසුගිය වසරේදී පැරිස් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි එරටට හදීසි තත්වයක් ප්‍රකාශයට පත්කෙරුණේ.

මේ අතර සමස්ත ප්‍රංශයම ඉස්ලාමීය ත්‍රස්තවාදයෙන් යටවී ඇතැයි ජනාධිපති ෆ්‍රන්සුවා හොලෝන්ද් මහතා පවසනවා. එම තර්ජනයට මුහුණදීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ජාතිය අමතමින් ඔහු කියා සිටියේ. ප්‍රංශ ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ගේ හදීසි සාකච්ඡාවක්ද කැඳවා තිඛෙනවා.

පසුගිය වසරේදීද පැරිස් අගනුවරට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

 ප්‍රවෘත්ති අනුග්‍රහය - රංගන ප්‍රනාන්දු

ප්‍රංශ ප්‍රහාරයෙන් ලාංකිකයන් සුරක්ෂිතයි

ප්‍රංශයේ නීස් නගරයේ සිදූවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් හානියක් සිදුවී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එහි ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මහත්මිය සඳහන් කලේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම් සිදුකෙරෙමින් පවතින බවයි. 

ප්‍රංශ බළධාරීන් සමග පැරිස් තානාපති කාර්යාලය අදාල සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යන බවද ඇය කියා සිටියා. 







 නීස් නගරයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාව හෙළා දකින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කලා. ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කණගාටුව පළකරන බවයි අමාත්‍යංශය කියා සිටියේ. 









Wednesday, July 13, 2016

වඩා යහපත් බ්‍රිතාන්‍යයටක ඉඩ දී කැමරන් යයි

වසර හයක් බ්‍රිතාන්‍යයේ පාලන බලය හෙබැවූ ඩේවිඩ් කැමරන් පදවියෙන් ඉවත්ව යාමත් සමඟම තෙරේසා මේ බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබෙත් රැජින මුණගැසී නව අගමැතිනිය ලෙස වැඩ භාරගත්තාය. ඉන් අනතුරුව අගමැති නිල නිවසට පැමිණි ඇය ජාතිය අමතා කෙටි දේශනයක් පැවැත්විය.


 

 නව පාලනයට ඉඩ දී කැමරන් සිය පෞද්ගලික නිවසට ගියේ ඊයේ දිනයේදීයි







තමාගේ අදහස් ප්‍රතික්ෂේප වීම තුළ තමා ජනතාව අතර සිටීමද නුසුදුසු බව කැමරන් දුන්නේ ඉමහත් ආදර්ශයක්. බ්‍රිතාන්‍ය නව අගමැතිනියගේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට පත්කරමින් තිඛේ. 

Sunday, July 10, 2016

අවසන් මොහොතේ නායකයත්වය අහිමිවුවද පෘතුගාලය යූරෝ කුසලානය අත්කර ගනී....

Portugal beat hosts France 1-0 in the Euro 2016 final and win their first major tournament.....
Portugal overcame the early loss of captain Cristiano Ronaldo to beat hosts France in the Euro 2016 final and win their first major tournament thanks to substitute Eder's superb extra-time strike.
Real Madrid forward Ronaldo was carried off in tears in the 25th minute at Paris' Stade de France, eight minutes after injuring his knee in a clash with France's Dimitri Payet.
France, the firm favourites, were unable to capitalise on Ronaldo's absence, although they almost won it at the end of normal time when substitute Andre-Pierre Gignac turned and hit the inside of the post....BBC.
වටිනාම ආදර්ශය වන්නේ තමා නැති තැනක උවද ලොව ජය ගැනීමට හැකි බව පෘතුගාල නායකත්වය තම සගයන්ට උගන්වා තිබීමයි.......