Pages

Friday, July 15, 2016

ප්‍රංශ ප්‍රහාරයෙන් ලාංකිකයන් සුරක්ෂිතයි

ප්‍රංශයේ නීස් නගරයේ සිදූවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් හානියක් සිදුවී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එහි ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මහත්මිය සඳහන් කලේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම් සිදුකෙරෙමින් පවතින බවයි. 

ප්‍රංශ බළධාරීන් සමග පැරිස් තානාපති කාර්යාලය අදාල සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යන බවද ඇය කියා සිටියා. 







 නීස් නගරයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාව හෙළා දකින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කලා. ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කණගාටුව පළකරන බවයි අමාත්‍යංශය කියා සිටියේ. 









No comments:

Post a Comment