Pages

Monday, July 18, 2016

දහසය කෝටියක නීති විරෝධී විදෙස් මුදල් රේගුවේදී හිරවෙයි.


රුපියල් දහසය කෝටි හැට ලක්ෂයක විදෙස් මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කල කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අද අලුයම කටාර් හරහා ඩුබායි බලා යාමට ඔවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි රේගුව සඳහන් කලේ.

ලද තොරතුරකට අනූව සිදුකල වැටලීමකදීයි මෙම මුදල් තොගය සොයාගෙන ඇත්තේ. ඔවුන් තම ගමන් මලුතුළ ව්‍යාජ පතුල්වල සගවා මෙම  මුදල් රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කලේ. පරාක්‍රම බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.


මෙම මුදල් රැගෙන යාම කලක සිට නැවතී තිබූ බවයි පරාක්‍රම බස්නායක මහතා සඳහන් කලේ.මේ හේතුවෙන් එකවර මුදල් රැගෙන යාමට උත්සාහ දරන බවට රේගුව සැකපළකරනවා.

No comments:

Post a Comment