Pages

Thursday, March 10, 2011

ප්‍රවුර්ති

                 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන්17 දෙනෙකු හට තුවාල සිදු වුනා . ඊයේ දිනයේ සිදු වූ මේ අනතුරින් තිදෙනෙකුට බරපතල බව මාවනැල්ල රෝහල් ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනා.තුවාල ලබූ පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකුත් භික්ශූන් වහන්සේලා දෙදෙනෙකුද වනවා .ඊයේ රාත්‍රී සිදු වී ඇති  මෙම අනතුරෙන් බරපතල තුවාල ලද තිදෙනා මේ වන විට ශල්‍ය කර්ම සදහා යොමු කර ඇති බවයි වැඩි දුරටත් දැනගන්නට  ලැබුනේ .මේ පිලිබඳ වැඩි  දුරටත් අදහස් දැක්වූ හෙද නිලධාරිනියක පවසා සිටියේ මේ වන විට සුව අතට පත් ඌ තිදෙනෙකු රෝහලෙන් නික්ම ගිය බවයි.අනෙක් පිරිස යහපත් සෞඛයය තත්වයෙන් පසුවන බව ඇය අප සමග පැවසුවා .සිද්දිය සම්බන්ද පරීක්ෂණ පවත් වනු ලබන පොලිස් පරීක්ෂක ආනන්ද මුතුබණ්ඩා මහතා පවසා සිටියේ වෑන් රථය පෙරලීමට හේතුව සෙවීම සදහා පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක බවයි .

No comments:

Post a Comment