Pages

Saturday, December 3, 2016

ජාතික රෝහලේ හෘදය සැත්කම් වලින් 4 ක් මියගියේ මෙහෙමයි


කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම් වලට ලක්කල රෝගීන් 4 දෙනෙකු මියයාමට හේතුව Non Ionic contrast media for cardio angiography for adult  – 100 ml ඩයි වර්ගයේ ආසාත්මිකතාවක් බව අනාවරන වී තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පත්කල කමිටුව මගින් ලබාදුන් වාර්තාවෙනුයි මෙම තොරතුරු අනාවරන වී ඇත්තේ.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල වෙත ලැබුනේ ඊයේ පස්වරුවේයි. එම ඩයි වර්ගය තවදුරටත් ඉවත්කර තැබීමටයි කමිටුව දැනුම් දුන්නේ. අදාල ඩයි වර්ගය තවදුරටත් ජාතික ඖෂධ අධිකාරිය හරහා පරීක්ෂා කරවීමටද කමිටුව මගින් නිර්දේශ කෙරුනා.මෙවැනි සිදුවීමක් වාර්තාවුවහොත් එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දෙන්නැයිද හෘද රෝග ඒකකයේ අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් දැනුවත් කිරීමටද කමිටුව නිර්දේශ කර තිඛෙනවා.

http://www.live360.lk/2016/12/03/5598/



Thursday, July 21, 2016

අනෙක් කන්ටේනර් දෙකනම් හිස්ලු


පෑලියගොඩ බහාලුම් පර්යන්තයේ තිබී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 274  ගෙන්වීමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

මෙතෙක් මෙරටදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කොකේන් තොගය බ්‍රසීලයේ සිට ආනයනය කල සීනි කන්ටේනරයක සගවා තිබියදීයි ඊයේ පස්වරුවේ මෙම කොකේන් තොගය සොයාගනු ලැබුවේ.          

පසුගිය මාසයේදීද රේගුව විසින් මහාපාරිමාණ කොකේන් වැටලීමක් සිදුකරනු ලැබුවා. අතර එහිදී කොකේන් කිලෝ 91 ක් අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්වුණා.

ඒ ආකාරයෙන් ගෙන්වා තිබූ දෙවන කොකේන් කන්ටේනරය මෙය වනවා.

මේ සමග තවත් සැක සහිත කන්ටේනර් දෙකක් ඊයේ දිනයේදී පොලීසිය විසින් පරීක්ෂා කරනු ලැබුවා.

එහෙත් ඒවායේ කිසිදු සැක සහිත ද්‍රව්‍යක් නොතිබී බවයි පොලීසිය සඳහන් කලේ.

මත් උවදුර රටින් තුරන් කිරීමේ අරමුනෙන් විශේෂ සංවිධානත්මක වැඩපිළිවෙලක් යටතේ මෙම වැටලීම් සිදුවනවා.



සම්මුතිවාදී දීගයට තවත් දිගුවක්


එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්මුති ආණ්ඩු ගිවිසුම වසර 5ක් දක්වා දීර්ඝ කෙරුණා. 

පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව දෙවසරක් සදහායි පක්ෂ දෙක මෙම ගිවිසුමට එළඹුණේ. 

පක්ෂ දෙකේ අවබෝධය මත  මෙසේ ගිවිසුම දීර්ඝ කරන බව නිදහස් පක්ෂ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ  එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලා. 

ඇතැම් තීන්දු තීරණ ගැන පක්ෂ දෙකේ විවිධ මතවාද පළවුවද ඒවා සමතයකට පත්වන බවයි අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ. 

සම්මුතිවාදී රජය යනු යෝජනාවකින් සිදුවූ විවාහයක් වැනියැයිද ඔවුන් ප්‍රකාශ කලා.  


තවත් කොකේන් කිලෝ 274 ක් අල්ලයි / පොලීසිය තවත් කන්ටේනරයක් පීරයි


පෑලියගොඩ බහාලුම් අංගනයේ කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 274 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ලැබුණු තොරතුරකට අනූව කල පරීක්ෂාවකදී මෙම කොකේන් තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කලේ.
බ්‍රසීලයේ සිට පෘතුගාලය මෙම කන්ටේනර් ගෙන්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

තොරතුරු ලැබුණු අනෙක් කන්ටේනරයද පරීක්ෂා කිරීම ආරම්භ කරන බවද පොලීසිය ප්‍රකාශ කලා.  

Tuesday, July 19, 2016

හිටපු ඇමති බැසිල්ට එරෙහි බී වාර්තාව


කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ නියෝගයකට අනූව හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අගෝස්තු පළමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ දිවිනැගුම අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන්.

 පසුගිය රජය සමයේ සිදුවූ බව කියන අක්‍රමිකතා වලට අදාලව තුන්වන වතාවටයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.

දිවිනැගුම දෙපාර්ථමේන්තුවේ රුපියල් මිලියන 36 යි දසම 5 ක් ජනාධිපතිවරණයේදී මැතිවරණ කි්‍රයාවලියට යෙදවීමේ අරමුණෙන් පළාත් පාලන ආයතනවලට ඛෙදාදීමට දිවි නැගුම දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකටද එරෙහිව පැමිණිලි පොලීසිය අධිකරණයට දන්වා තිඛෙනවා.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහි දිවිනැගුම අරමුදල් වංචා කිරීමට චෝදනා එල්ල වූ බී වාර්තාව.





Monday, July 18, 2016

දහසය කෝටියක නීති විරෝධී විදෙස් මුදල් රේගුවේදී හිරවෙයි.


රුපියල් දහසය කෝටි හැට ලක්ෂයක විදෙස් මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කල කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අද අලුයම කටාර් හරහා ඩුබායි බලා යාමට ඔවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි රේගුව සඳහන් කලේ.

ලද තොරතුරකට අනූව සිදුකල වැටලීමකදීයි මෙම මුදල් තොගය සොයාගෙන ඇත්තේ. ඔවුන් තම ගමන් මලුතුළ ව්‍යාජ පතුල්වල සගවා මෙම  මුදල් රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කලේ. පරාක්‍රම බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.


මෙම මුදල් රැගෙන යාම කලක සිට නැවතී තිබූ බවයි පරාක්‍රම බස්නායක මහතා සඳහන් කලේ.මේ හේතුවෙන් එකවර මුදල් රැගෙන යාමට උත්සාහ දරන බවට රේගුව සැකපළකරනවා.

දේශ ද්රෝහීන්ට තුර්කිය කියාදුන් පාඩම

අසාර්ථක වූ තුර්කි හමුදා කුමන්ත්‍රණයට උරදුන් සියලු නිළධාරීන්ට එරෙහි විනය  කි්‍රයාමාර්ග ගැනීම තුර්කි රජය මේ වන විට ආරම්භ කර තිඛෙනවා. ඒ අනූව ඊයේ වන විට පොලිස් නිලධාරීන් 8000 ක් සේවයෙන් පහකර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කලේ. බී බී සී පුවත් සේවය වාර්තා කලේ හමුදා සාමාජිකයින් 6000 ක් සහ  විනිසුරු වරුන් 3000 ක පමණ පිරිසක්ද මේ වන විට නීතිමය පියවර ගැනීම සඳහා යොමුකර ඇති බවයි. පසුගිය සෙනසුරාදා ඇතිවූ මෙම හමුදා කුමන්ත්‍රණය අතරතුර හටගත් ගැටුම්වලින් 208 දෙනෙකු මරණයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 1500 කට ආසන්නයි. කිසිදු කුමන්ත්‍රණකරුවකුට සමාව ලබානොදෙන බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිඛෙනවා.

ඇතැම් වැරදිකරුවන්ට අනුබල දෙන රටවල් සමග ගත්කල නීතිය කි්‍රයාත්මක කිරීමේදී තුර්කිය ගෙන ඇති පියවර පැසසුමට ලක්විය යුතුය යන්න නීති විශාරදයින්ගේ අදහසයි.


මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව දඩුවම් ලබාදෙන බව කුමන්ත්‍රණය අතරතුර රූපවාහිනිය ඇමතු තුර්කි ජනාධිපති රෙසප් ටයිප් අඩොවාන් මහතා ප්‍රකාශ කලා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කලේ තුර්කි යුධ හමුදාවෙන් රාජ ද්‍රෝහීන් ඉවත් කිරීමේ කාලය එළැඹ ඇති බවයි.

තුර්කි යුධ හමුදාවේ කණ්ඩායමක් හමුදා කුමන්ත්‍රණයක් මගින් පසුගිය සෙනසුරාදා එරට පාලන බලය ඔවුන් යටතට ගැනීමට තැත් කිරීම හේතුවෙන් අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර දැඩි නොසන්සුන් වාතාවරණයක් හටගෙන තිබුණා.

එහිදී බළධාරීන් පියවර ගෙන තිබුණේ රටේ ඇඳිරි නීතිය සහ මාර්ෂල් නීතිය ද පැනවීමටයි. අන්කාරා අගනුවර මර්මස්ථාන රැසකට සෙබලුන් දහස් සංඛ්‍යාත පිරිසක් එහිදී යොදවනු ලැබුවා.


මෙම සිදුවීම ලෝක නායකයින් රැසකගේද විවේචනයට ලක්වූණා. කෙසේවෙතත් දේශද්‍රෝහීන්ට දඩුවම් දෙන අයුරු තුර්කියෙන් හෝ ඇසීමට ලැබීම අගය කල යුතුයි.